android

 

ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)


Jump to navigationJump to search
ඇන්ඩ්‍රොයිඩ්
A stylized green robot with rounded head featuring two antennas and blank dots for eyes, a blank space separating its head from the body similar to an egg but with a flat base, and two rounded rectangles on either side for its arms.
ඇන්ඩ්‍රොයිඩ් ලාංඡනය 2019 සිට
Android Q Beta6 screenshot.png
ඇන්ඩ්‍රොයිඩ් 10(ගූගල් යෙදුම් සමඟ)
සමාගම / විකාශකයා
වැඩසටහන් කරන ලද්දේC (core), C++Java (UI)[1]
මෙ.ප පෙළපතUnix-like
වැඩකරන තත්ත්වයවත්මන්
මූලාශ්‍ර ආකෘතියOpen source[2] and in most devices with proprietary components[3]
ප්‍රථම නිකුතුවසැප්තැම්බර් 23, 2008; වසර ගණනකට 12 ක් පෙර[4]
නවතම ස්ථාවර නිකුතුවමාෂ්මෙලෝ (6.0.1) / දෙසැම්බර් 9, 2015; වසර ගණනකට 4 ක් පෙර
නවතම පෙරදසුනAndroid Nougat (7.0) NPD90G (developer preview 5) / ජූලි 18, 2016; වසර ගණනකට 4 ක් පෙර
අලෙවිකරණ ඉලක්කයSmartphonestablet computersAndroid TVAndroid Auto and Android Wear
ලැබිය හැකි භාෂාAs of Android 5.0, the following languages are supported: AfrikaansBahasa IndonesiaBahasa MelayuCatalàČeštinaDanskDeutschEestiEnglish (Australia)English (India)English (United Kingdom)English (United States)Español (España)Español (Estados Unidos)EuskaraFilipinoFrançais (Canada)Français (France)GalegoHrvatskiIsiZuluÍslenskaItalianoKiswahiliLatviešuLietuviųMagyarNederlandsNorsk bokmålPolskiPortuguês (Brasil)Português (Portugal)RomânăSlovenčinaSlovenščinaSuomiSvenskaTiếng ViệtTürkçeEλληνικάБългарскиКыргызсаМакедонскиМонголРусскийСрпскиУкраїнська, [[Geor gian language|ქართული]], Հայերենעבריתالعربيةفارسیአማርኛनेपालीमराठीहिन्दीবাংলাதமிழ்తెలుగుಕನ್ನಡമലയാളംසිංහලไทยລາວខ្មែរ한국어中文 (简体)中文 (繁體)中文 (香港), and 日本語
පැකේජ කළමනාකරුAPK (through Google Play)
කරළි32- and 64-bit ARMx86,[5] MIPS[6] and MIPS64[lower-alpha 1]
කර්නල් වර්ගයMonolithic (modified Linux kernel)
පරිශ්‍රීලකස්ථානBionic libc,[7] mksh shell,[8] Toybox as core utilities beginning with Android 6.0,[9][10] previously native core utilities with a few from NetBSD[11][12]
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණතGraphical (Multi-touch)
බලපත්‍රයApache License 2.0
GNU GPL v2 for the Linux kernel modifications[13]
නිල වෙබ් අඩවිය

ඇන්ඩ්‍රොයිඩ් යනු ගූගල් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.

ඉතිහාසය[මූලාශ්‍රය සංස්කරණය]

…ඇන්ඩ්‍රොයිඩ් සමාගම වසර 2003 දි ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා නුවර පාලෝ ඇල්ටෝ හිදී ඇන්ඩි රුබින්, රිච් මයිනර්, නික් සියර්ස් හා ක්‍රිස් වයිට් විසින් ආරම්භ කරන ලදි .

2005 අගෝස්තු මාසයේ දී ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම අත්පත්කර ගන්නා ලදී. ඇන්ඩි රැබින්,රිච් මයිනර්,ක්රිස් වයිට් සහ නික්සියර්ස් යන හතර දෙනා එකතු වී 2001දී මුලින්ම …ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තනන ලදී.

විවෘත ජංගම උපකරණ සහයොගීතාවය[මූලාශ්‍රය සංස්කරණය]

…2005 නොවැම්බර් 5වෙනි දින "විවෘත ජංගම උපකරණ සහයොගීතාවය" නම් වූ හමුවක් ජංගම උපකරණ නිපදවන සමාගම් රැසක සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලදී. එම සමගම් නම් බ්‍රොඩ්කොම් සමාගම , ගූගල්එච්.ටී.සීඉන්ටෙල්, එල්.ජී, මාවෙල් තාක්ෂනින එකමුතුව,මෝටරෝලා, එන්වීඩියා, ක්වල් කොම්,සැම්සුන්, නෙක්ස්ට්ටෙල්, ටී-මොබයිල් සහ ටෙක්සාස් උපකරණ සමාගමයි.මේ එකමුතුවේ අරමුණ වුයේ ජංගම දුරකථන සදහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි.එදිනම විසින් තම ප්‍රථම නිපයුම වන ඇන්ඩ්‍රොයිඩ් නැමති ලිනක්ස් නිකුතු 2.6 මත ගොඩනගනූ ලැබු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී. 2008 දෙසැම්බර් 9 දින තවත් සමාගම් 16ක් මීට ඇතුලත් විය. ඒ අතර වෝඩෆොන් , හුවාවි සහ තවත් සමාගම් වෙයි.

ලියාපදිංචිය[මූලාශ්‍රය සංස්කරණය]

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද(දුරකථන හා ජාලකරණ කේතයන්ද ඇතුලු ) "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ ලැයිස්තුවක් ද ගූගල් විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලබයි.

සංස්කරණ ඉතිහාසය[මූලාශ්‍රය සංස්කරණය]

ප්‍රථම නිකුත් කිරීමෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා නිකුත් කරන ලදී. සාමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස ඔවුන් යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.

  • 1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.1/4.2/4.3 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.4 (කිට්කැට්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 5.0 (ලොලි පොප්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 5.1 (ලොලි පොප්)-ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 6.0(මාෂ්මෙලෝ)-ජංගම දුරකථන සදහා
  • 7.0(නුගට්)
  • 8.0(ඔරියෝ)
  • 9.0(පයි)
  • 10.0(ඇන්ඩ්‍රොයිඩ් 10)
  • 11.0(ඇන්ඩ්‍රොයිඩ් 11)

මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.

සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.

සංස්කරණ භාවිතා කිරීම - පරිශීලක ප්‍රතිශතය[මූලාශ්‍රය සංස්කරණය]

අනුවාදය
Version
නිකුතුන්මෘදුකාංග ක්‍රමලේඛන අතුරුමුහුනත%
4.1 / 4.2 ‍ජෙලි බීන්161.8%
4.0.x අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්14-1523.7%
3.x.x හනිකොම්බ්11-130.4%
2.3.x ජීන්ජර්බ්‍රේඩ්9-1055.5%
2.2 ෆ්‍රොයෝ812.9%
2.1 ඉක්ලෙයා73.4%
1.6 ඩෝනට්40.4%
1.5 කප් කේක්30.1%

ගූගල් ප්ලේ[මූලාශ්‍රය සංස්කරණය]

ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම මෘදුකාංග නිශ්පාදන ගැනුම් කරුවන් ( ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. සියලුම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකම පාහේ "මාර්කට්" යනුවෙන් තිබූ සේවයයි 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ඇත්තේ. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "මාර්කට්" සිට "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබේ. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම එය වෙතට යාවත්කාලීන(update) කරගත යුතුය.

ඇන්ඩ්‍රොයිඩ් සහ සිංහල භාවිතය[මූලාශ්‍රය සංස්කරණය]

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය‍ සඳහා නිල වශයෙන් සිංහල භාෂාව ඇන්ඩ්‍රොයිඩ් 5 අනුවාදය සමඟ පැමිණිනි.

Comments